චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා
ලස්සන රහසක් කීවා
මලට මුවා වී ඉන්නේ
මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ
ලෝකය නෑ එය දන්නේ
චන්දන ඇල්ලෙන් නාලා...
දහසක් නෙත් යොමු වන්නේ
එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ
සිහින ලොවේ හමු වන්නේ
චන්දන ඇල්ලෙන් නාලා....
එක කුසුමකි පිබිදෙන්නේ
එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ
වෙනසක් නෑ සිදුවන්නේ
චන්දන ඇල්ලෙන් නාලා....
චිත්රපටය – සුජීවා
ගී පද - ධර්මසිරි ගමගේ
ගී තනුව - ගලගෙදර එම්. එම්. ඒ. හක්
ගායනය - එච්.ආර්. ජෝතිපාල