අපි හෙට පොළක් දමමු.
ගුරුතුම් කිවුවා.
හැමෝම පොළට
බඩු ගේන්න.
බඩු විකුණන්නේ ළමයි.
දෙමව්පියන්ටත්
එන්න කියන්න
ළමයි පොළට බඩු ගෙනාවා.
රාබු කැරට් බටු පතෝල පොළේ තිබුණා.
පවනි බණ්ඩක්කා විකුණුවා.
කසුන් මෑ කරල් විකුණුවා.
ළමයි හැමෝම මුදලාලිලා වුණා.
බඩු ගන්න අම්මලා ආවා.
තාත්තලාත් ආවා.
හැමෝම බඩු මිල දී ගත්තා.