පුළුන් වගේ සුදු හාවා
කන් දෙක ඔසවා බැලුවා
පඳුරු උඩින් පැන ආවා
උඳු පියළිය කොළ කෑවා
පැන පැන ආ සුදු හාවා
ආයෙත් වටපිට බැලුවා
වත්ත පහළ වෙල ගාවා
සතුටින් පිනුමක් ගැහුවා
සීතල සුළඟක් හැමුවා
ගස්වල දලු කොළ නැටුවා
කුරුලු පැටව් ගී ගැයුවා
තාලෙට අත්තටු සැලුවා