චට පට චට පට
අවුරුදු අවුරුදු
අද අපට අවුරුදු
සහන් කිවුවා.
අලුත් අලුත් ඇඳුම්
රස රස කැවිලි
අපට හරි සතුටුයි.
පවනි කිවුවා.
පුතා එන්න.
දුවත් එන්න.
නැකත් වෙලාව ළඟයි.
අම්මයි තාත්තයි
අපට කිරිබත් කැවුවා.
එන්න නංගි
අපි අම්මාටයි තාත්තාටයි
බුලත් දී වඳිමු.
අයියේ අන්න රාමන්ලා එනවා.
එන්න දුව එන්න පුතා
අවුරුදු සරුයි වගේ
තාත්තා හැමෝට ම
ආයුබෝවන් කිවුවා.
අපි තේ බොමු.
කැවුම් කොකිස් කිරිබත් තියෙනවා.
අම්මා කිවුවා.
මම මුංකැවුම් කන්න කැමතියි.
රාමන් කිවුවා.
මේ කැවිලි හරි රසයි.
අපි රබන් ගහමු.
පවනි රබන් පද කිවුවා.
එගොඩ ගොඩෙත් රත්තරං
මෙගොඩ ගොඩෙත් රත්තරං
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරං
හැමෝම තාලෙට රබන් ගැසුවා.