අඹ දඹ නාරං කෙසෙල් දෙල්
පනා කකා මේ වනා සැපා ලබනෙම්//
ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ
ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල්...//
පක්ෂි නාදේ රෑත් ඇසේවී
හීන් හඬම දෙත්මැයි//
මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//
විසාල මේ වනේ මං
ප්රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
ප්රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
වාසෙ සොඳා බැද්දෙ මෙදා
ප්රීති සදා වෙයි නිබඳා
බෝ මාදං ඇත්තෙ මේ ගසේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල්...//
උපුටා ගැනීම : ජෝන් ද සිල්වා ශූරීන්ගේ රාමායනය නූර්තිය