සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුනා
සීත රෑ යාමේ අඳුරේ…
මා බලා සිටියා දිවා රෑ
කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ .
නාඳුනන සිහිනේ
සීත රෑ යාමේ අඳුරේ…
මා ඔබේ හසරැල් ජලාශේ
කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී
තාරකා එළියේ
සීත රූ යාමේ .......
පද රචනය - මහාචර්ය්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචර්ය්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - සනත් නන්දසිරි