කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ
කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ //
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ
කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ …
ගායනය : සෝමතිලක ජයමහ මහතා