බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ//
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ...
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ//
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ
ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ///
ගායනය : සුනිල් එදිරිසිංහ මහතා
පදරචනය : ප්‍රේමකීර්ති ද අල්විස් මහතා
සංගීතය : වික්ටර් රත්නායක මහතා