ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
විවඳිම් වඳිම් ඔබ පාදේ
විතිලො අග බුදු සමිඳේ//
සිඳ බිඳ මොහන්දර පාප
දැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලො අග බුදු සමිඳේ//
සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මවු ප්‍රේම
තිලො අග බුදු සමිඳේ//
ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලො අග බුදු සමිඳේ
තිලො අග බුදු සමිඳේ///
ගායනය, සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය : අරිසෙන් අහුබුදු ශූරීන්