අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ..හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ..
හා... නීල ජලේ
ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී//
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී//
මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගේ ළයේ..හා... මාගෙ ළයේ
පූජාසනේ මා ආදරයේහී
මාලිනියේ වේ මා පෙම් කුසුමේ//
ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ//
හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේහා... ආකාස ගැබේ
රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි හද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාවී
ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා//
සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා හා පූජා ප්‍රියේ
අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේහා... ප්‍රීතී කෙරේ
හා... ප්‍රීතී කෙරේ
චිත්‍රපටය – කැලෑ හඳ
ගී පද - හර්බට් ඇම්. සෙනෙවිරත්න
සංගීතය - ඇස්. ඇස්. වේදා
ගායනය - රුක්මණි දේවි, මොහිදින් බෙග්