පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින – දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ
සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි
සණරාමර ගුරු ලෝක තිවංකර
බුද්ධ දිවාකරයාණෝ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් ධාරා
ගලා බසියි තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා
බුදුරැස් කැටි වී නැගි ආලෝකේ
පිසයයි දුකඳුර මුළු තුන් ලෝකේ
චිත්‍රපටය – රන්මුතුදූව
රචනය –ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය –ඩබ්. ඩී. අමරදේව
ගායනය –ඩබ්. ඩී. අමරදේව, නන්දා මාලිනී ඇතුළු පිරිස