මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කථා කියයි හෙමින්
හිරු එබෙයි එලිය දෙයි
කුරුලු ගී ඇසෙයි
රිදී කලේ අරන් උදේ කොහේද යන්නෙ මේ
කොහි සිටන්ද එන්නෙ කවුද මවුපියන් ඔබේ
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....
දුවන්නෙ කිරි කලෙත් අරන් යන්නෙ විගසිනේ
ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....
බදින්නෙ කොහොම ගොවි දුවක් කුමාරයෙක් නෙ මං
පිය රජුත් මවත් කෙසේ දෙයි මනාපයක්
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....
බදින්න ඔනේ යැයි කියා කවුද ඇහුවෙ දැන්
හිදින්න නෑ වෙලාවකුත් මෙන්න යනව මං
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....
උපුටා ගැනීම : අඔ යාළුවෝ ටෙලි නාට්‍යය
ගායනය : ලෙලුම් රත්නායක, ප්‍රවීනා ගමගේ,
සංගීත නිර්මාණය : ආනන්ද ගමගේ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්