චංඩි කමට රංඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා//
අයියට ගහලා නංගිව විකලා
යාළුවො ටික තරහා වෙලා
සෙල්ලම් කරන්නේ කා සමඟින් දෝ
පුංචි පුතා දැන් තනි වෙනවා
චංඩි කමට රංඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා//
අයියයි නංගියි යාළුවො ගොන්නයි
සේරම හොඳ දරුවෝ වෙලා
එකමුතු වුණා නම් නේ හොඳ වෙන්නේ
පුංචි ළමයි වස නෑ පැටියෝ
චංඩි කමට රංඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා///
ගායනය : ටී. එම්. ජයරත්න මහතා
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ මහතා
පද රචනය : කුලරත්න ආරියවංශ මහතා