Please take a look at the updated Tecchilaw library section.
කරුණාකර යාවත්කාලීන කරන ලද Tecchilaw පුස්තකාල අංශය දෙස බලන්න.
ගින්නක් නැතුව නගින දුම — මීදුම
කැලයේ නැති ඉන්න — යකඩ ඉන්න
ඔක්කොගෙම මල්ලි — කොත්ත මල්ලි
ඔක්කොගෙම අක්කා — වට්ටක්කා
තනි කකුලෙන් ඉන්න සුද්දා — හත්ත
අහසට දිග රිට — වැහි බින්දුව
ඔබේ සාක්කුවේ නොතිබිය යුතු දෙයකි — හිලක්
අගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා — දුම්රිය
දෙයියන්ගේ දුන්න — දේදුන්න
නැට්ට නැති කොළය — පත්තර කොළය
නැට්ට නැති ගෙඩිය — බිත්තර ගෙඩිය
ගහක් උඩින් මුවෙක් පැන්නා — කෙහෙල් මුව
කිසිම කෙනෙකු නොයා යුතු මග — නොමග
කාන්තාරයේ නැව — ඔටුවා
වඩු බාස් ලග තියෙන රට — බුරුමය
කටු නැති කැලේ ඇට නැති සතා — උකුණා
කිසිවෙකු නොකියවන පොත — ඉලපොත
ගස් වල නැති මල — කම්මල
ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් — අන්නාසි
අතු අග පිපෙන ලිය — අරලිය
දවල් කනා — බකමූණා
වළලද්දි කොළ පාටයි ගොඩ ගද්දි කහ පාටයි — කෙසෙල් කැන
ගෙදර ඉන්න කිඹුලගේ මල්ලි — හූනා
ලේ කිව්වට රතුත් නෑ නා කිව්වට දළුත් නෑ — ලේනා
බෝතලේට දාන්න බැරි පැණි — කොම්පැණි
කන්න දෙනකොට ජීවත් වෙනවා වතුර දෙනකොට මැරෙනවා — ගින්දර
කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ වැඩ කරනවා — යතුර
කාගෙත් අයියා — දහයියා
පුංචි ළිදේ වතුර රසයි — තැඹිලි
අලියා නොයන මග — ඉනිමග
කැලේට පාන — ගද පාන
අලියා නොකන දල්ල — ගිනි දැල්ල
සුදු මහත්තයා හොටු පෙරාගෙන — ඉටි පන්දම
සුදු මහත්තයා කළු තොප්පියක් දාගෙන — ගිනි කූර
වත්ත පහළ ළමයින් අඩවන්නා — කොච්චි කරල
බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියනවා — හිරමනය
සත් සමුදුරේ දිය පල්ලේ උපන්නේ
එම සමුදුරේ දිය මතුපිට පිපෙන්නේ
වැස්සට පිනි බබා නිතරම මෝරන්නේ
අද බැරිනම් හෙට තොරා එවන්නේ
පිළිතුර
සත් සමුදුරේ දිය පල්ලේ තිබෙයි අල
එම සමුදුරේ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මත්සයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සත් සමුදුරේ දිය පල්ලේ උපන්නේ
ඔළුව නැතිව කදමයි සාප දුන්නේ
නෙත් දෙක උඩ තියා බිම ගොදුරු කන්නේ
මෙතුන් පදේ තෝරාලා කියන්නේ
පිළිතුර
සත් සමුදුරේ දිය පල්ලේ උපන් සතා
ඔළුව නැතිව කදමයි සාප දුන් සතා
නෙත් දෙක උඩ තියා බිම ගොදුරු කන සතා
දැනගන් මිතුර කක්කුට්ටා නොවෙද සතා
නෙත් දෙක විනා නෙත් බැල්මන් නැති හේමා
පා දෙක විනා පා ගමනක් නැති හේමා
මඩ බොර දියේ පණ රැක ගත්තා හේමා
මෙතුන් පදේ තෝරන්නට බැරි හේමා
පිළිතුර
වනන්තරේ ගල් උනු වෙනවා හේමා
ගමේ කම්මලේ මිටියේ වැඩ හේමා
මඩ බොර දියේ පණ රැකුනා හේමා
මෙතුන් පදේ කීවේ ගිරයට හේමා
රේප වතුර — රේප නම් කොම්බු , වතුර නම් ජලය = කොම්බු ජලය , ජම්බු කොළය
කෙලවර හපහපා — කෙලවර නම් කොණ , හපහපා නම් කකා = කොණ කකා , කණ කොකා
මෝඩ රුකුල් — මොඩ නම් ගොං , රුකුල් නම් අඩ = ගොං අඩ , අංගොඩ
සරුංගල් නූල — සරුංගල් නම් කයිට් , නූල නම් ලණුව = කයිට් ලණුව , ලයිට් කණුව
අහුර හූම් හූම් — අහුර නම් පිඩ , හූම් හූම් නම් බස්සා = පිඩ බස්සා , බඩ පිස්සා
වගේ වෙල — වගේ නම් වැනි , වෙල නම් වෙල් = වැනිවෙල් , වෙනිවැල්
පලතුරු තවාන — පලතුරු නම් බෙලි , තවාන නම් ගොල්ල = බෙලි ගොල්ල , ගොළු බෙල්ල
වග රිද්මය — වග නම් කරුණ , රිද්මය නම් තාලය = කරුණ තාලය , තරුණ කාලය
කාරිය බලන් — කාරිය නම් වැඩ , බලන් නම් බල = වැඩ බල , බඩ වැල
උදරයේ අසිපත් — උදරයේ නම් බඩේ , අසිපත් නම් කඩු = බඩේ කඩු , කඩේ බඩු
වස මැහි — වස නම් වහ , මැහි නම් මැස්ස = වහ මැස්ස , මහ වැස්ස
කෝකි කටුවා — කෝකි නම් කුක් , කටුවා නම් කට්ටා = කුක් කට්ටා , කක් කුට්ටා
රත්තරං වට — රත්තරං නම් රන් , වට නම් ගෝල = රන් ගෝල , ගොන් රාල
ආදි බින්දුව — ආදි නම් කල් , බින්දුව නම් පොද = කල් පොද , පොල් කද
පිලිකුල් කකුල — පිලිකුල් නම් ජරා , කකුල නම් පය = ජරා පය , පරා ජය
මහත්තයා වහලේ — මහත්තයා නම් සර් , වහලේ නම් පලය = සර්පලය , පාර්සලය
පවතින පුත්රයා — පවතින නම් පවත් , පුත්රයා නම් පුත් = පවත් පුත් , පුවත් පත්
කාලය පැවරීම — කාලය නම් කල් , පැවරීම නම් දෙනවා = කල් දෙනවා , දෙල් කනවා
රැකවල් පැසුනේ — රැකවල් නම් මුර , පැසුනේ නම් ඉදුනේ = මුර ඉදුනේ , ඉර මුදුනේ
පොළොව පැත්ත — පොළව නම් මිහි , පැත්ත නම් මිට = මිහි පිට , පිහි මිට