1. ලෝකය හරි ලස්සනයි
මහෝත්තම දෙවි පියාණන් වහන්සේ හරි හොඳයි, අපට ලස්සන ලෝකයක් මවා දුන්නා හරිම ලස්සනයි
2. මගේ සිරුර
මගේ ශරීරය බොහොම වටිනවා එය පිරිසිදුව තබා ගන්නවා මට සිරුර ලබා දුන් මහෝත්තම දෙවි පියාණන් වහන්සේට මම ආදරෙයි
3. අපේ පවුල
අම්මා තාත්ත හරි හොඳයි - අපට ආදරෙයි
අක්කා අයියා නංගි මල්ලි - හරිම එකමුතුයි
මට අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ලබාදුන් මහෝත්තම දෙවි පියාණන් වහන්සේට ස්තුතියි
අපේ නෑදෑයෝ
ආච්චි සීයා එක් වෙලා - කියති නිතර රස කතා
නැන්දා මාමා සමඟිනා සිටිමු - තුටින් අපි සැමා
නෑදෑයින්ට ආදරය කරන විට මහෝත්තම දෙවි පියාණන් වහන්සේ අපටත් ආදරේ කරන සේක.
4. ආදරය තුළින් අපට ලැබුණු තවත් අය
ගුරුවරුන් තුළින් මහෝත්තම දෙවි පියාණන් වහන්සේ අපට ආදරය කරන සේක
ජේසුස් වහන්සේ වගේ අපිත් අසල්වැසියන්ට සහ යහළුවන්ට උදව් වෙමු
5. දෙවිඳුන් මැවූ ලස්සන ලෝකය රැක ගනිමු
මල් නෙලන්න නම්
ගෙඩි කඩන්න නම්
සුරකිමු ගස්වැල්
කිචි බිචි හඬ අසන්න නම්
සතුන්ගේ සුරතල් බලන්න නම්
ඔවුන් රකිමු එක්වී සතුටින්
6. කිතුනු දරුවා හොඳ ළමයෙකි
ජේසු කුමරු මෙන් අපිත් දෙවි පියාණන් වහන්සේට යදිමු දෙමව්පියන්ට කීකරුවෙමු වැඩිහිටියන්ට ගරු කරමු
7. මහෝත්තම දෙවි පියාණන් වහන්සේට කතා කරමු
හිස නමා දණ ගසා
වඳිමු අපේ දෙවි පියා
මහෝත්තම දෙවි පියාණනි අපට ලබා දුන් හැමදේටම ස්තුතියි
8. සාන්ත කුරුසිය
උදේ සවස අපි - අඳිමු කුරු සේ නළලේ
තොල් දෙක මතටත් - පපුවේ මැදටත්
අඳිමු අඳිමු කුරුසේ
9. මම දේව දරුවකු වෙමි
මා ප්රසාද ස්නාපනය ලැබුවා.
එදා සිට මා දේව දරුවෙක් වුණා.
එලෙස ම මා කිතුනු පවුලට පිළිගනු ලැබුවා.
10. සාන්ත මරියනි දේව මෑණියනි
දේව අම්මේ,
ඔබතුමිය බැහැපත් ය, යහපත් ය.
ජේසු සමිඳුන්ගේ අම්මා වීමට වාසනාව ලැබුවේ ඔබතුමිය පමණක් ය.
11. සුරැකි පියා වන ශුද්ධ වූ ජුසේ තුමා
මෙලොවෙ දී කුඩා ජේසුස් වහන්සේ රැක බලාගත්තේ ශුද්ධ වූ ජුසේ තුමා යි.
ශුද්ධ වූ ජුසේ තුමා වඩු වැඩ කළා.
කුඩා ජේසුස් වහන්සේ සුරැකි පියාට නිතර ම උදවු කළා.
ඒ වාගේ අපිත් අපේ දෙමව්පියන්ට උදවු කරමු.
12. ජේසුස් වහන්සේගේ උපත
ජේසු කුමරුගේ උපතයි -ගවලෙනයි
සමගිය සාමය සපිරුණු -නත්තලයි
බෙදා හදා ගැන්මයි - සැම සිත් සතුටුයි
ගැලැවුම්කරුවාණෙනි මේ තුති ඔබ වහන්සේට යි.
13. ජේසුස් වහන්සේගේ පුදුම ක්රියා
කානාවේ මඟුල් ගෙදර - මිදි යුස මදි වූවා
ජේසු සමිඳු ආවා - ජලය රැස් කෙරෙව්වා
ආසිරි ගැන්වූවා - දිය මිදියුස වූවා
සැවොම පුදුම වූවා - සතුටින් තුති පිදුවා
14. කුරුසිය ජයගත් ජේසුස් වහන්සේ
ජේසුස් වහන්සේ දුක් වින්දේ මා නිසයි.
මරණයට පත් වුණේ මගේ වැරදි නිසයි. උත්ථාන වුණේ මට ආදරේ නිසයි.
15. ශුද්ධ බයිබලය
මහෝත්තම දෙවි පියාණන් වහන්සේගේ ආදර වචන අඩංගු වී තිබෙන්නේ ශුද්ධ බයිබලයේ ය. කිතුනු අපේ උතුම් ම පොත ශුද්ධ බයිබලය යි.
දේව වචනයට සවන් දෙමු; කියවමු; පිළිපදිමු.
16. ශුද්ධ වූ ජුසේ වාස් මුනිතුමා
ශුද්ධ වූ ජුසේ වාස් මුනිතුමා අපේ රටේ අපෝස්තුලුවරයාය. ශ්රී ලංකාවට බිහිවුණු වීරෝදාර සාන්තුවරයාණෝ එතුමාණෝ ය
17. සාන්ත ආනාතුමිය
ආනා මෑණි - ජුවකීම් පියෙණි
මරි මව ඔබේ දෝණි
ආදරයෙන් හොඳ නරක කියා දී හැදු සුදුවර දෝණි
දෙවි සමිඳුට ආදරේ කළා දෙව් මව් ලැබුණා තෑගි ලෙසා ජේසු සමිඳු මුණුබුරු වූවා දෙවි සමිඳුන් හට තුති පිදුවා.
18. සාන්ත අන්තෝනි මුනිතුමා
ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා ප්රාතිහාර්යයේ සාන්තුවරයාණෝ ය. නැති වූ දේවල් සොයා ගැනීමට පිහිට වන්නේ මෙතුමාණෝ ය.
19. සාන්ත සෙබස්තියන් මුනිතුමා
බෝවන රෝග සුව කිරීමට අප වෙනුවෙන් මැදිහත් වන්නේ සාන්ත සෙබස්තියන් මුනිතුමාය.
20. අතිඋතුම් ෆ්රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා
ශුද්ධ වූ සභාවේ වර්තමාන නායකයාණෝ අති උතුම් ෆ්රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණෝ ය. ආර්ජන්ටිනාව එතුමාගේ උපන් රටයි. එතුමාණන් වාසය කරන්නේ රෝම නගරයේ ය. ශුද්ධෝත්තම පියතුමා වෙනුවෙන් අපි සැමදා යාච්ඤා කරමු.