ප්‍රාථමික පාසල් අවධිය යනු ශිෂ්‍යයාගේ ශාරීරික, මානසිත, චිත්තවේගීය හා චාලක යන ශක්ති සංවර්ධනය වන ඉතා ම තීරණාත්මක කාල පරිච්ජේදයකි. භාෂා දක්ෂතා සිසුන්ට ලබා දීමේ දී ගුරුවරයා හා ශිෂ්‍යයා අතර අන්‍යෝන්‍ය වශයෙන් ඉතා සමීප බලපෑම් ඇති කරවන ඉගැන්වීම් ක්‍රම යොදා ගැනීම ප්‍රාථමික අධ්‍යාපන අවධියේ දී ඉතා වැදගත් වේ.
සිංහල කියවීම් පොත ගොඩනගා ඇත්තේ සාවධානව ඇහුම්කන් දීම. පැහැදිලි ව කතා කිරීම. තේරුම් ගැනීම සඳහා කියවීම, ඵලදායී අයුරින් අදහස් හුවමාරු කර ගැනීම යන නිපුණතා වර්ධනය කරවීමේ අරමුණු ඇතිව ය. ප්‍රාථමික අධ්‍යාපනයේ දී ජීවිතයේ මූලික අත්දැකීම් ලබන ශිෂ්‍යයා සරල ලෙස කියවීම හුරුවීමේ මූලිත දක්ෂතාව සඳහා සූදානම් වේ. කියවීමේ දී ඇස්, මාංසපේශි හා චිත්ත වේග එකතු වී ක්‍රියා කරයි. සිංහල කියවීම් පොතේ පාඩම් මයින් බලාපොරොත්තු වන්නේ එදිනෙදා අවශ්‍යතා සඳහා සවන් දීමටත්, කථා කිරීමටත්, නිවරැදි උච්චාරණය සහිත ව මූලික හැඩ ගැසීම් ඇති කිරීමටත් කවි, ගී, කතන්දර කියවා රස විඳීමටත් ශිෂ්‍යයාට අවස්ථා ඇති කිරීමට ය.
"ලස්සන මල් " පාඩමෙන් සොබා දහමේ අසිරිය විඳ ගනිමින් කියවීමට හුරු කිරීමට බලාපොරොත්තු වේ. එකමුතුකම, සාමය, සමගිය, ත්‍යාගශීලී බව. බෙදා හදා ගැනීම වර්ධනය සිටීමත්, වින්දනය ලබා දීමටත් " ටිං ටිං ලේනා " පාඩමෙන් අපේක්ෂිත ය. ළමයින් වඩාත් නැවති සතුන්ගේ ගති ස්වභාව හා පරිසරයේ ඇස ගැටෙන දේ කෙරෙහි අවධානයෙන් බැලීමට යොමු කිරිම "කිරි සුදු හාවා" පාඩමෙන් අවධාරණය කෙරේ. ළමයින් වඩාත් ප්‍රිය කරන සාමූහික ක්‍රීඩාවක් ඇසුරෙන් '' සෙල්ලම් කරමු " පාඩම ඉදිරිපත් කර ඇත. වින්දනය ලබන අතරම ගණිත සංකල්ප වලට ප්‍රවේශයක් ලබා ගැනීමට ශිෂ්‍යයා යොමු කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.
" අවුරුදු ආවා " පාඩමෙන් ජාතික සමගිය ගොඩ නැංවීම පිළිබඳව දරුවන්ගේ සිත් තුළ අවබෝධය ජනිත කරවීම අරමුණු කෙරේ. "යාළු මාළු " පාඩමෙන් බලාපොරොත්තු වන්නේ දරුවන් නිරීක්ෂණයට යොමු කරවීමටත්, සංවාද ගොඩ නැංවීමටත් පිටිවහලක් ලබා දීම ය. ළමයින් සියලු දෙනා එක් වී යෙදෙන සාමූහික ක්‍රියාකාරකමක් ලෙස " සිඟිති පොළ " පාඩම හඳුන්වා දිය හැකි ය.
මෙම ක්‍රියාකාරකම සිහිති කාමරයේ, සෙල්ලම් මීදුගල් හෝ පාසල් වත්තේ කළ හැකි ය. මෙමගින් වාග් මාලාව පෝෂණය කිරීම සඳහා එකමුතුකම, සමගිය, ඛෙදා හදා ගැනීම, ආචාරශීලී කථා බහ වැනි හොඳ ගුණාංග ළමයා තුළ ඇති කරවීම බලාපොරොත්තු වේ.
සංවිධානාත්මක ස්වරූපයෙන් සකස් කර ඇති " පුංචි මකුළුවා " පාවම මගින් සතුන්ට ආදරය
කිරීමත්, රිද්මයට අනුව ගායනයට යොමු කිරීමන් බලාපොරොත්තු වේ. ජන කථාවක් ඇසුරින් නිර්මිත " පුහුල් හොරා කරෙන් දැනේ" පාඩම මගින් අයහපත් ක්‍රියාකාරකම්වල යෙදීමේ නුසුදුසු බව සහ අන්සතු දේ නොගැනීමට ළමා සිත නැඹුරු කිරීම අපේක්ෂා කෙරේ.
" හිමිදිරි උදය " පාඩම මගින් බලාපොරොත්තු වන්නේ සොබා දහමේ ඇති සුන්දර වස්තු ඇසුරෙන් කියවීමට හුරු කරවීම යි.
සිංහල වැඩපොත සකස් කර ඇත්තේ නිවරැදි ව ලිවීමේ මූලික දක්ෂතා සඳහා මූලික හුරුව ලබා දීමට ය. රූපවල ඇති සියුම් වෙනස්කම් දකීමට, අතුරු හා රූප අතර වෙනස හඳුනා ගැනීමට, වමේ සිට දකුණට ඇස යොමු කෙරෙන ක්‍රියාකාරකම්වල නිරත කරවීමට මේ නිසා අවස්ථාව ලැබේ. මාංසපේශි සම්බන්ධ ක්‍රියාකාරකම් සමග ඇස හා අත සමායෝජනය කරමින් සියුම් ඉගෙනුම් අවස්ථා වෙන ශිෂ්‍යයා සුදා නම් කරවීම මෙමඟින් අපේක්ෂිත ය. පූර්ව කියවීම් හැකියා මතුවන සේ නිදහස් හැඩ ඇඳීමත්, එම හැඩ අනුසාරයෙන් ක්‍රමිකව පූර්ණ අක්ෂර ලිවීමේ හැකියාව ශිෂ්‍යයා තුළ ජනිත කරවීමත් ඔබ වෙත පැවරෙන භාරදුර වගකීමකි.