ටිං ටිං ටිං
ලේන් පැටියාට
හොඳටම බඩගිනියි
ලේන් අම්මාට දුකයි
ජම්බු ගහේ උස අත්තක
ජම්බු පොකුරක් දැක්කා
රතු ම රතුයි
හොඳට ම ඉදිලා
ලේන් අම්මා
ජම්බු ගෙඩියක් කැඩුවා.
ලේන් පැටියාට දුන්නා.
පුංචි මලී ජම්බු කන්න
හරි ආසයි.
අම්මේ
මට ජම්බු ගෙඩියක්
කඩලා දෙන්න.
ජම්බු තියෙන්නේ
උස අතුවල නේ.
මේ කතාව
ලේන් අම්මාට ඇහුණා.
ලේන් අම්මා
ජම්බු ගෙඩියක් කැඩුවා.
ජම්බු ගෙඩිය බිමට දැම්මා.
මලී ජම්බු ගෙඩිය අහුලා ගත්තා.
උඩ බැලුවා.
ලේන් අම්මා
මලී දිහා බලා සිටියා.
මලීට හරි සතුටුයි.
මලී ලේන් අම්මාට
ස්තුති කළා.