පුතාලා ඊයේ කොහේද ගියේ?
සියේ අපි සත්තු වත්තට ගියා.
සත්තු වත්තේ ගොඩක් සත්තු හිටියද?
ඔව් සීයේ. මින් මැදුර හරි ලස්සනයි.
පාට පාට මාළුවෝ පීන පීන හිටියා.
පුතාලා අලි නැටුම් බැලුවේ නැද්ද?
බැලුවා, හරිම ලස්සනයි සීයේ.
නංගි අලි පේළිය දැක්කාද?
ඔව් අයියේ
අලි පැටියෙක් බිම වාඩි වුණා.
පිනුම් ගැහුවා.
උඩ පැන පැන නැටුවා.
අපි හයියෙන් අත්පොඩි ගැහුවා.
අපිට හරි සතුටුයි.
පුංචි පුංචි මල් වගේ
ළමා ළපටි හරි අගේ
ඇවිදීමෙන් රට වටේ
දැන ගත හැකි බොහොම දේ